පනාගොඩ මැතිවරණ ප්රචාරක කාර්යාල නිර්මාණය – 2018

දිනය: 2018 ජනවාරි 15
ස්ථානය: පානගොඩ, හෝමාගම ආසනය
ව්යාපෘතිය: තිලාන් රන්දිම මහතාගේ දේශපාලන ප්රචාරක ව්යාපාරය
වර්ගය: Design → Political Campaign / Campaign Office Design
දේශපාලන පක්ෂය: ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)
2018 පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු අතරතුර, හෝමාගම ආසනයේ පානගොඩ ප්රදේශයේ තිලාන් රන්දිම මහතාගේ මැතිවරණ ප්රචාරක කාර්යාලය සඳහා දෘශ්ය නිර්මාණ කටයුතු සිදුකළ අවස්ථාවකි.
ප්රචාරක කාර්යාලයේ ඉදිරිපස සම්පූර්ණ පෙනුම එකම දෘශ්ය අනන්යතාවයක් යටතේ ඉදිරිපත් වන ආකාරයට සැලසුම් කර තිබුණි. ප්රධාන පිවිසුම් ආවරණය, විශාල ප්රචාරක පුවරු, අපේක්ෂකයාගේ ඡායාරූප සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලාංඡනය ඇතුළත් පුවරු ඒ සඳහා භාවිතා කෙරිණි.
මෙහි නිර්මාණ කටයුතු කිරීමේදී විශාල ප්රමාණයේ මුද්රණ නිර්මාණ, ඡායාරූප ස්ථානගත කිරීම, පක්ෂ ලාංඡනය සහ වර්ණ භාවිතය, අකුරු සැලසුම සහ දුර සිට පැහැදිලිව පෙනෙන දෘශ්ය සැකැස්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙය 2018 වසරේ හෝමාගම ආසනය තුළ මා සම්බන්ධ වූ දේශපාලන ප්රචාරක නිර්මාණ හා එළිමහන් ප්රචාරණ කටයුතු අතර තවත් එක් ව්යාපෘතියක් ලෙස මගේ නිර්මාණ කළඹේ සටහන් වේ.





සංවාදයට එක්වන්න.