← නිර්මාණ වෙත ආපසු
පිටකවර නිර්මාණය

හදවතේ ස්වර්ණාභිෂේකය 2018 – සමරු ග්‍රන්ථය

සේවාදායකයාHJM Media Teamදිනය14 Oct 2018
හදවතේ ස්වර්ණාභිෂේකය 2018 – සමරු ග්‍රන්ථය
ව්‍යාපෘතිය පිළිබඳව

Category: Book Cover & Editorial Design
Year: 2018
Format: Full Colour Printed Book
Pages: 90
Design: Isura Wickramarachchi

2018 වසරේ පැවැති “හදවතේ ස්වර්ණාභිෂේකය” සම්මාන උළෙලට සමගාමීව නිකුත් කරන ලද මෙම පිටු 90ක පූර්ණ වර්ණ සමරු ග්‍රන්ථය, කණ්ඩායම විසින් වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ සමාජ සත්කාර ව්‍යාපෘති ඡායාරූප හා කෙටි සටහන් සමඟ ලේඛනගත කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.

ග්‍රන්ථයේ සෑම කොටසක්ම වර්ෂ හා සිදුවීම් අනුව සැලසුම් කර ඇති අතර, කණ්ඩායමේ ක්‍රියාකාරකම්වල විවිධත්වය පැහැදිලි වන පරිදි ඡායාරූප, වර්ණ, typography සහ වෙනස් page layouts භාවිත කර ඇත. සමාජ සේවා වැඩසටහන්, පරිසර සත්කාර, කණ්ඩායම් ක්‍රියාකාරකම්, හමුවීම් සහ විවිධ විශේෂ අවස්ථා මෙහි ඡායාරූපමය ඉතිහාසයක් ලෙස එකතු කර ඇත.

මෙහි වැදගත්කම වන්නේ සම්මාන උළෙලක් සඳහා නිකුත් කළ සමරු ප්‍රකාශනයක් වීම පමණක් නොව, කණ්ඩායම විසින් සිදුකළ කාර්යයන් මුද්‍රිත ඉතිහාසයක් ලෙස සංරක්ෂණය කිරීමයි. එම නිසා මෙම නිර්මාණය මගේ graphic design portfolio එකේ editorial design සහ historical documentation එකට එක්වූ විශේෂ ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.