← සියලු කටයුතු
පෞද්ගලික · සංචාර

වසරකට පසු නැවත ඉහළ දිග්ගල පාසලට

දිනය18 Sep 2020ස්ථානයIhala Diggala School, Galewela
වසරකට පසු නැවත ඉහළ දිග්ගල පාසලට
විස්තරය

අප කළ මහන්සියේ ප්‍රතිඵල දරුවන් භුක්ති විඳිනවා දැකීමේ සතුට

දිනය: 2020 සැප්තැම්බර් 18
ස්ථානය: ඉහළ දිග්ගල පාසල, ගලේවෙල
අවස්ථාව: පාසල් සංවර්ධන ව්‍යාපෘතියෙන් වසරකට පසු කළ අනපේක්ෂිත සංචාරය

ඉහළ දිග්ගල පාසල වෙනුවෙන් අප ආරම්භ කළ සංවර්ධන කටයුත්තට මුල්ගල තබා හරියටම වසරක් ගත වූ දිනට පසුදා, අහම්බයකින් වගේ අප නැවතත් ගලේවෙල ප්‍රදේශයේ සිටියා. ඒ නිසා 2020 සැප්තැම්බර් 18 උදෑසන කිසිවකුටත් කලින් නොදන්වා පාසලට ගොඩවැදුණා.

එදා දුටු දේ මගේ හිතට ගෙනාවේ වචනවලින් කියන්න අපහසු සතුටක්. අපි මහන්සි වී දරුවන් වෙනුවෙන් සකස් කළ පරිසරය අද ඔවුන්ගේ දෛනික පාසල් ජීවිතයේ කොටසක් වෙලා. අප නිර්මාණය කළ උදෑසන රැස්වීම් භූමියේම දරුවන් උදෑසන රැස්වීම පවත්වමින් සිටියා. අවට සිටුවා තිබූ මල් පැළ වැඩී, මල් පිපී, පාසල් පරිසරයත් ඉතා අලංකාරව පවත්වාගෙන ගොස් තිබුණා.

ඒ අතර දරුවන් සමඟ ගත කළ මොහොත මට තවත් විශේෂයි. ඔවුන්ගේ සිනහව, පාසල කෙරෙහි තිබුණු සජීවී බව සහ අප විසින් නිර්මාණය කර දුන් පහසුකම් ඔවුන් සැබෑවටම භාවිත කරන ආකාරය දකිද්දී, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දැරූ මහන්සිය කිසිසේත් අපතේ ගොස් නැති බව දැනුණා.

ගොඩනැගිල්ලක් හෝ භූමියක් නිර්මාණය කර දීමෙන් පමණක් මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථක වන්නේ නැහැ. එය ආදරයෙන් රැකබලාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය සහ විනය වෙනුවෙන් නිසි ලෙස භාවිත කරන විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය නිසා තමයි එහි සැබෑ වටිනාකම දිගටම පවතින්නේ.

විදුහල්පතිතුමනි, ගුරු මණ්ඩලයනි, ලබාදුන් දෙයින් නිසි ප්‍රයෝජන ගනිමින් මේ දරුවන් නිසි මඟ යැවීම වෙනුවෙන් ඔබ සැමට බෙහෙවින් පිං.

දිග්ගල පාසල මතක් වන සෑම අවස්ථාවකම හිතට ඇතිවන්නේ පුදුමාකාර සතුටක්.
දිග්ගල පාසලට හැමදාමත් ආදරෙයි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.