← සියලු කටයුතු
පෞද්ගලික · උත්සව

වල්පිට සමුපකාර වෙළඳසැල විවෘත කිරීම

දිනය21 Jun 2020ස්ථානය
වල්පිට සමුපකාර වෙළඳසැල විවෘත කිරීම
විස්තරය

දිනය: 2020 ජූනි 21
ස්ථානය: වල්පිට

2020 ජූනි 21 දින වල්පිට සමුපකාර වෙළඳසැල විවෘත කළ අවස්ථාවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. අපේ ගමේ ජනතාවට දෛනික අවශ්‍යතා සඳහා භාණ්ඩ ලබාගත හැකි ස්ථානයක් ලෙස මෙම වෙළඳසැල ආරම්භ කිරීම ගමට වැදගත් අවස්ථාවක් වුණා.

මේ දවස මට තවත් විශේෂ වුණේ, වෙළඳසැල විවෘත කිරීමෙන් පසු මුදල් ගෙවා එහි භාණ්ඩ මිලදී ගත් පළමු පාරිභෝගිකයා වීමට මට හැකිවීමයි. ඡායාරූපයේ දැක්වෙන්නේ එම පළමු ගනුදෙනුව සිදු කළ අවස්ථාවයි.

ගමේම කෙනෙකු ලෙස වල්පිට සමුපකාරයේ ආරම්භක මොහොතේ එහි පළමු මිලදී ගැනීම සිදු කිරීමට ලැබීම, 2020 වසරේ මගේ ගම්මානය හා බැඳුණු මතක අතර විශේෂ ස්ථානයක් ගන්නා සිදුවීමක්.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.