← සියලු කටයුතු
පාසැල් · ආධාර

"හදවතින්ම දරුවන්ට" - මන්නාරම කයිකාරු ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට පාසල් බෑග් ලබාදීම

දිනය09 Jan 2022ස්ථානයකයිකාරු ප්‍රාථමික විද්‍යාලය, මන්නාරම
"හදවතින්ම දරුවන්ට" - මන්නාරම කයිකාරු ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට පාසල් බෑග් ලබාදීම
විස්තරය

ස්ථානය: කයිකාරු ප්‍රාථමික විද්‍යාලය, මන්නාරම
ව්‍යාපෘතිය: හදවතින්ම දරුවන්ට
කටයුත්ත: පාසල් බෑග් ලබාදීම

ජීවිතයේ තවත් එක් සුන්දර සහ අමතක නොවන දවසක්. "හදවතින්ම දරුවන්ට" පාසල් බෑග් ලබාදීමේ වැඩසටහන යටතේ මන්නාරම කයිකාරු ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2022 ඔක්තෝබර් 10 දින අපට හැකි වුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පාසල් රැසකින් ඉල්ලීම් ලැබී තිබුණා. ඒ අතරින් 542 බලසේනා මූලස්ථානයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම පසෙක තැබීමට මට සිතුණේ නැහැ. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම මත මන්නාරම කයිකාරු ප්‍රාථමික විද්‍යාලය මෙම වැඩසටහන සඳහා තෝරාගෙන දරුවන්ට පාසල් බෑග් ලබාදීමට තීරණය කළා. මෙම කටයුත්ත සම්බන්ධීකරණය කිරීමට දායක වූ හෙම්මාතගම ධම්මරතන හිමියන්ද ගෞරවයෙන් සිහිපත් කරනවා.

පැය හතක පමණ දිගු ගමනකින් සහ ගමනේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ අපි මන්නාරමට ළඟා වුණා. එහිදී අපව ඉතා ආදරණීය ලෙස පිළිගෙන, වැඩසටහන ඉතා අලංකාරව සහ පිළිවෙළට සංවිධානය කර තිබූ 542 බලසේනාවේ නිලධාරීන් සහ සෙසු පිරිස මගේ මතකයේ විශේෂයෙන් රැඳී සිටිනවා.

නමුත් මේ ගමනේ වඩාත්ම සංවේදී මතකය වුණේ දරුවන්. අප අතර භාෂා වෙනසක් තිබුණත් එය ඔවුන්ගේ ලෙන්ගතුකම දැනීමට කිසිදු බාධාවක් වුණේ නැහැ. ඔවුන් සමග ගත කළ කෙටි කාලය තුළ ලැබුණු සිනහව සහ ආදරය මේ ගමනේ වෙහෙස අමතක කරවන තරම් වුණා.

මේ මාතෘභූමියේ කොතැනක ජීවත් වුණත්, කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත්, ඒ සැවොම අපේම දරුවන්. ඔවුන් සියලු දෙනාටම ඉගෙනීමට අවස්ථාවක්, ඉදිරියට යාමට ශක්තියක් සහ තම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සහය ලැබිය යුතුයි. ඔවුන් සැවොම අනාගතයේ මේ රටට වටිනා පුද්ගලයන් වේවා යන්න එදා මගේ පැතුම වුණා.

ව්‍යාපෘති කාලරේඛාව

ගමන, පියවරෙන් පියවර.

1 පරිච්ඡේද
පළමු පරිච්ඡේදය පූරණය වෙමින්…
අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.