අලුත් අවුරුද්දේ දරුවන්ගේ සිනහව වෙනුවෙන්

දිනය: 2022-01-01
ව්යාපෘතිය: හදවතින්ම දරුවන්ට
කටයුත්ත: දරුවන්ට අධ්යාපනික උපකරණ සහ තෑගි පරිත්යාග කිරීම
2022 නව වසර ආරම්භ කළේ දරුවන් කිහිපදෙනෙකුගේ මුහුණට පුංචි සිනහවක් එක් කරමින්. "හදවතින්ම දරුවන්ට" වැඩසටහන යටතේ දරුවන් වෙනුවෙන් පොත්පත්, පෑන්, පැන්සල්, පාසල් උපකරණ සහ රසකැවිලි ඇතුළත් තෑගි සූදානම් කළා.
මේ සියල්ල එක් එක් දරුවා වෙනුවෙන් ලස්සනට පාර්සල් කර ඔවුන්ගේ අතටම ලබා දුන්නා. ඇතැම් දරුවන්ට පාසල් බෑග්ද ලබාදීමට හැකි වුණා. තෑග්ගක් අතට ලැබුණු මොහොතේ ඔවුන්ගේ මුහුණුවල ඇති වූ සිනහව මේ කටයුත්තේ වටිනාම ප්රතිඵලය වුණා.
අලුත් අවුරුද්දක් ආරම්භ වන විට අප බොහෝ බලාපොරොත්තු තබනවා. ඒ බලාපොරොත්තු අතර තවත් දරුවෙකුගේ අධ්යාපනයට පුංචි හෝ ශක්තියක් වීමට හැකි නම්, එය මට විශාල සතුටක්.
දරුවන්ට ලබාදෙන පොතක්, පෑනක් හෝ පැන්සලක් අපට ඉතා කුඩා දෙයක් විය හැකියි. නමුත් ඒ සමග ඔවුන්ට ලැබෙන සතුට සහ ඉගෙනීමට ලැබෙන දිරිගැන්වීම ඊට වඩා බොහෝ වටිනා දෙයක්. 2022 වසරේ පළමු දිනයේ මට දකින්නට ලැබුණු ඒ පුංචි සිනහවන් මගේ නව වසරටත් සුන්දර ආරම්භයක් වුණා.
"හදවතින්ම දරුවන්ට"

















සංවාදයට එක්වන්න.