← සියලු කටයුතු
පෞද්ගලික · උත්සව

1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සර සැමරුම

දිනය07 Mar 2021ස්ථානයඅරලියගහ මන්දිරය - කොළඹ
1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සර සැමරුම
විස්තරය

දිනය: 2021-03-17
ස්ථානය: අරලියගහ මන්දිරය - කොළඹ

1996 මාර්තු 17 දින ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ඓතිහාසික ජයග්‍රහණයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් 2021 මාර්තු 17 දින අරලියගහ මන්දිරයේ පැවති නිල සැමරුම් උත්සවයට සහභාගී වීමට මටද අවස්ථාව ලැබුණා.

මෙම සැමරුම එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව එය සංවිධානය කර තිබුණා. 1996 ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන්ට විශේෂ ඇගයීමක්ද මෙහිදී සිදු කෙරුණා.

1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගත්තේ ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කරමින් ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි. එදා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලබාගත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා. 

වසර 25කට පසුව එම ඓතිහාසික ජයග්‍රහණය සිහිපත් කළ අවස්ථාවට සහභාගී වී, ලෝක කුසලානයද සමීපයෙන් දැකගැනීමට ලැබීම මට විශේෂ මතකයක්. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පිරිස් හමුවීමට සහ ඔවුන් සමග මෙම සැමරුම් අවස්ථාව බෙදාගැනීමටද එදින හැකි වුණා.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.