← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර
කොවිඩ් සමයේ දරුවන්ගේ Online අධ්යාපනය සඳහා Zoom Data Packages ලබාදීම - දෙවන අදියර
දිනය05 Jun 2021ස්ථානය

විස්තරය
දිනය: 2021-06-05
ව්යාපෘතිය: Zoom Package - දෙවන අදියර
ප්රතිලාභීන්: දරුවන් 15 දෙනෙක්
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් අධ්යාපනය online ක්රමයට සිදු වූ කාලයේ, Zoom පන්ති සඳහා අවශ්ය data පහසුකම් නොමැති දරුවන්ට සහාය වීමේ අරමුණින් ආරම්භ කළ Zoom Package වැඩසටහනේ දෙවන අදියර 2021 ජූනි 5 දින ක්රියාත්මක කළා.
පළමු අදියරේදී දරුවන් 7 දෙනෙකුට Zoom data packages ලබාදීමෙන් පසු, තවත් අවශ්යතා සහිත දරුවන් 15 දෙනෙකු සඳහා දෙවන අදියර යටතේ data packages ලබාදීමට හැකි වුණා.
ඒ අනුව දින දෙකක් තුළ මෙම වැඩසටහන මගින් දරුවන් 22 දෙනෙකුගේ online අධ්යාපනය සඳහා අවශ්ය data පහසුකම් ලබාදීමට හැකි වුණා. කොවිඩ් සමයේ දරුවන්ගේ අධ්යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන්ට ඒ මොහොතේ අවශ්ය වූ ප්රායෝගික පහසුකමක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වුණා.

සංවාදයට එක්වන්න.