හදවතේ සිහිනය – සාන්ත තෙරේසා ප්රාථමික විද්යාලය, ඇල්පිටිය

පුංචි දරුවන්ට තාක්ෂණයේ ලෝකයට තවත් දොරටුවක්
දිනය: 2022 සැප්තැම්බර් 22
පාසල: සාන්ත තෙරේසා ප්රාථමික විද්යාලය, ඇල්පිටිය
දිස්ත්රික්කය: ගාල්ල
ව්යාපෘතිය: හදවතේ සිහිනය – පරිගණක ව්යාපෘතිය
“හදවතේ සිහිනය” පරිගණක ව්යාපෘතිය යටතේ තවත් පරිගණකයක් ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය සාන්ත තෙරේසා ප්රාථමික විද්යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදීමට 2022 සැප්තැම්බර් 22 දින අවස්ථාව ලැබුණා.
පාසලට ගිය විට එහි දරුවන් විශාල පිරිසක් එක්ව මේ අවස්ථාවට සහභාගි වී සිටියා. පරිගණකය පාසල වෙත නිල වශයෙන් භාරදී, දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා භාවිත කළ හැකි පරිදි පාසලේ ස්ථාපනය කිරීමත් සමඟ “හදවතේ සිහිනය” ව්යාපෘතියේ තවත් අරමුණක් සාර්ථක කරගැනීමට හැකි වුණා.
මේ ගමනේදී නැවතත් මගේ හිතට දැනුණු දෙයක් තිබුණා. රටේ කොහේ සිටියත් දරුවන් එක වගේ. ඔවුන්ගේ සිනහව, බලාපොරොත්තු සහ අනාගතය ගැන තිබෙන සිහින එක වගේම ආදරණීයයි. ඒ දරුවන්ගේ මුහුණුවල සතුට දකින සෑම අවස්ථාවකම මට දැනෙන්නේ අපිරිමිත සතුටක්.
මෙවැනි පරිගණකයක් යනු දරුවන්ට ලබාදෙන උපකරණයක් පමණක් නොව, තාක්ෂණය හඳුනාගැනීමටත් අලුත් දැනුම සොයා යාමටත් ඔවුන්ට ලැබෙන තවත් අවස්ථාවක්. මේ පුංචි දරුවන් ඒ අවස්ථාවෙන් ප්රයෝජන ගෙන දැනුමෙන් පිරි අනාගතයක් කරා ගමන් කරනු දැකීම මගේ ප්රාර්ථනයයි.
මේ දරුවෝ අනාගතය දකිත්වා.
මෙම පාසල පිළිබඳ තොරතුරු ලබාදී, එහි දරුවන් වෙත “හදවතේ සිහිනය” රැගෙන යාමට මඟ පෙන්වූ ඉරේශා නංගිට බොහොම පිං.









සංවාදයට එක්වන්න.