මා ඉගෙන ගත් පාසලට "හදවතේ සිහිනය" පළමු පරිගණකය

දිනය: 2020 අගෝස්තු 23
ස්ථානය: දැඩිගමුව ශ්රී දේවමිත්ත මහා විද්යාලය
ව්යාපෘතිය: හදවතේ සිහිනය - පරිගණක ව්යාපෘතිය
"හදවතේ සිහිනය" පරිගණක ව්යාපෘතිය යටතේ දැඩිගමුව ශ්රී දේවමිත්ත මහා විද්යාලයට පළමු පරිගණකය ලබාදීම 2020 අගෝස්තු 23 දින සිදු කෙරුණා. පරිගණකය සමඟ පාසලේ කටයුතු සඳහා අවශ්ය මුද්රණ යන්ත්රයක්ද ලබාදීමට හැකි වුණා.
මෙම පරිත්යාගය මට පෞද්ගලිකව විශේෂ වැදගත්කමක් තිබූ එකක්. ශ්රී දේවමිත්ත මහා විද්යාලය මා ප්රාථමික අධ්යාපනය ලැබූ පාසලයි. වසර ගණනාවකට පෙර මා දරුවෙකු ලෙස අධ්යාපනය ලැබූ එම පාසලට, පසුකාලයක එහි දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් යමක් නැවත ලබාදීමට හැකිවීම මට විශාල සතුටක් වුණා.
ඒ සම්බන්ධතාවය තවත් විශේෂ කළේ, එම කාලයේ මගේ පුතාද අධ්යාපනය ලබමින් සිටියේ මේ පාසලේම වීමයි. ඒ නිසා මෙය සාමාන්ය පරිගණක පරිත්යාගයකට වඩා, පරම්පරා දෙකක් එකම පාසල සමඟ බැඳුණු මගේ ජීවිතයේ සුවිශේෂී මතකයක්.
මගේ අධ්යාපන ගමන ආරම්භ වූ පාසලේම දරුවන්ට නව තාක්ෂණය හා දැනුම වෙත ළඟාවීමට කුඩා හෝ අවස්ථාවක් ලබාදීමට හැකිවීම, "හදවතේ සිහිනය" යන නමට සැබෑ අරුතක් එක් කළ අවස්ථාවක් ලෙස මගේ මතකයේ රැඳී තිබෙනවා.









සංවාදයට එක්වන්න.