← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර

කොවිඩ් සමයේ හෝමාගම අවට පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාග කිරීම

දිනය26 May 2021ස්ථානයහෝමාගම අවට
කොවිඩ් සමයේ හෝමාගම අවට පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාග කිරීම
විස්තරය

දිනය: 2021-05-26
ප්‍රදේශය: හෝමාගම සහ අවට
කටයුත්ත: වියළි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම

2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සීමා කිරීම් සමඟ බොහෝ පවුල්වල දෛනික ජීවිතය අපහසු තත්ත්වයකට පත්ව තිබුණා. විශේෂයෙන් දෛනික ආදායම් මත ජීවත් වූ පවුල්වලට එම කාලය වඩාත් අසීරු කාලයක් වුණා.

එවැනි අවස්ථාවක 2021 මැයි 26 දින හෝමාගම සහ අවට ප්‍රදේශවල අවශ්‍යතා ඇති පවුල් වෙත ලබාදීම සඳහා වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සකස් කර බෙදාදීමට අපි කටයුතු කළා.

කොවිඩ් අවදානම පැවති එම කාලයේ මුහුණු ආවරණ භාවිත කරමින් මෙම කටයුත්ත සිදු කළ ආකාරයත්, බෙදාහැරීමට සූදානම් කළ ආහාර පාර්සල් විශාල ප්‍රමාණයක්ත් මේ ඡායාරූපවල සටහන් වී තිබෙනවා.

අපට හැකි පමණින් තවත් පවුලක දෛනික අවශ්‍යතාවයකට සහනයක් වීම මෙහි අරමුණ වුණා. වසංගතය නිසා සමාජයම අසීරු තත්ත්වයක සිටි කාලයක, අපට තිබෙන දෙයකින් තවත් කෙනෙකු සමඟ බෙදාගැනීමේ වටිනාකම මට නැවතත් දැනුණු අවස්ථාවක් ලෙස මෙය මගේ මතකයේ රැඳී තිබෙනවා.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.