← සියලු කටයුතු
සමාජ සේවා · සමාජ උත්සව
ජල්තර මහා විද්යාලයේ රුධිර පරිත්යාග කඳවුර සඳහා දායකත්වය ලබාදීම
දිනය25 Apr 2021ස්ථානයජල්තර මහා විද්යාලය

විස්තරය
දිනය: 2021-04-25 ස්ථානය: ජල්තර මහා විද්යාලය සංවිධානය: Touch Your Heart Foundation දායකත්වය: ඉසුර වික්රමාරච්චි පදනම
2021 අප්රේල් 25 දින ජල්තර මහා විද්යාලයේදී Touch Your Heart Foundation විසින් සංවිධානය කරන ලද ස්වේච්ඡා රුධිර පරිත්යාග කඳවුර සඳහා ඉසුර වික්රමාරච්චි පදනම මගින් දායකත්වය ලබා දුන්නා.
රුධිර පරිත්යාගය යනු තවත් මිනිසෙකුගේ ජීවිතයක් රැකගැනීමට අපට කළ හැකි ඉතා වටිනා පරිත්යාගයක්. විශේෂයෙන් කොවිඩ් වසංගතය පැවති එම කාලයේ, රුධිර පරිත්යාගය දිරිමත් කිරීම සහ එවැනි වැඩසටහන් සඳහා සහාය ලබාදීම වැදගත් සමාජ වගකීමක් ලෙස මා සැලකුවා.
Touch Your Heart Foundation වැනි සමාජ සත්කාර සංවිධාන සමඟ එක්ව මෙවැනි මානුෂීය වැඩසටහන් සඳහා දායක වීමට ලැබීම මගේ සමාජ සේවා ගමනේ තවත් වැදගත් අවස්ථාවක් වුණා.
ව්යාපෘති ඡායාරූප









සංවාදයට එක්වන්න.