කුඩා ව්යාපාරිකයන් තිදෙනෙකුට Colour Printers පරිත්යාග කිරීම

දිනය: 2021-04-17
ව්යාපෘතිය: කුඩා ව්යාපාර සඳහා උපකරණ පරිත්යාගය
මීට පෙර මා විසින් සංවිධානය කළ event එකක් සඳහා මිලදී ගෙන තිබූ colour printers තුනක්, එම කාර්යයෙන් පසුව තවදුරටත් ප්රයෝජනවත් ලෙස භාවිත කළ හැකි අය වෙත ලබාදීමට මම තීරණය කළා.
ඒ අනුව, මුද්රණ යන්ත්රයක අවශ්යතාව තිබූ කුඩා ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් තිදෙනෙකු තෝරාගෙන, colour printers තුන ඔවුන්ට නොමිලයේ ලබා දුන්නා. ඒ සමගම මා සතුව ඉතිරිව තිබූ, තවදුරටත් භාවිත කළ හැකි cartridges ප්රමාණයක්ද ඔවුන්ට ලබාදීමට කටයුතු කළා.
මෙය අලුතින් භාණ්ඩ මිලදීගෙන සිදු කළ පරිත්යාගයක් නොවුණත්, මා සතුව තිබූ සම්පත් භාවිතයට නොගෙන තබාගැනීම වෙනුවට ඒවා සැබෑ අවශ්යතාවක් ඇති කුඩා ව්යාපාරිකයන්ට ලබාදී ඔවුන්ගේ කටයුතුවලට ප්රයෝජනයක් ලබාදීමට ගත් උත්සාහයක්. මගේ සමාජ සේවා කටයුතුවලදී මුදල් හෝ අලුත් භාණ්ඩ පමණක් නොව, අප සතුව තිබෙන ප්රයෝජනවත් සම්පත් නිසි පුද්ගලයන් වෙත යොමු කිරීමත් වැදගත් බව මට හැඟුණු අවස්ථාවක් ලෙස මෙය මතකයේ රැඳෙනවා.






සංවාදයට එක්වන්න.