← සියලු කටයුතු
පාසැල් · පරිඝණක ව්‍යපෘති

හදවතේ සිහිනය – මලාමුරේ කනිෂ්ඨ විද්‍යාලය, මාපලගම

දිනය22 Sep 2020ස්ථානයමලාමුරේ කනිෂ්ඨ විද්‍යාලය
හදවතේ සිහිනය – මලාමුරේ කනිෂ්ඨ විද්‍යාලය, මාපලගම
විස්තරය

නැවත පණ ලැබූ පාසලක දරුවන් වෙනුවෙන් පරිගණකයක්

දිනය: 2020 සැප්තැම්බර් 22
පාසල: මලාමුරේ කනිෂ්ඨ විද්‍යාලය, මාපලගම
දිස්ත්‍රික්කය: ගාල්ල
ව්‍යාපෘතිය: හදවතේ සිහිනය – පරිගණක ව්‍යාපෘතිය
සංවිධානය: ඉසුර වික්‍රමාරච්චි පදනම

“හදවතේ සිහිනය” පරිගණක ව්‍යාපෘතිය යටතේ තවත් පරිගණකයක් 2020 සැප්තැම්බර් 22 දින ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම මලාමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන්නා.

වසර සියයකට අධික ඉතිහාසයක් ඇති මෙම පාසල කාලයකදී වසා දමා තිබූ අතර, 2010 වසරේදී නැවත ආරම්භ කර තිබුණා. වර්තමාන විදුහල්පතිතුමා 2015 වසරේ පාසලේ වැඩ භාරගන්නා විට එහි සිටියේ දරුවන් 43 දෙනෙකු පමණයි. නමුත් වසර පහක් ඇතුළත එම සංඛ්‍යාව දරුවන් 100කට අධික ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට පාසලට හැකිව තිබුණා.

එය මට සංඛ්‍යාවක් පමණක් නොවෙයි. වසා දැමුණු පාසලක් නැවත ගොඩනඟා, දෙමාපියන්ගේ විශ්වාසය දිනාගෙන, ගමේ දරුවන් නැවත එම පාසල වෙත රැගෙන ඒම සඳහා විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය ගත් උත්සාහය එයින් පෙනුණා. එවැනි උත්සාහවන්ත පාසලකට තාක්ෂණික පහසුකමක් ලෙස පරිගණකයක් එක් කිරීමට හැකිවීම මට විශේෂ සතුටක් වුණා.

මෙම සංචාරයේ මතකයේ රැඳුණු තවත් සුන්දර සිදුවීමක් තිබුණා. අප පිටත්ව යන අවස්ථාවේදී පාසල් වත්තේ ගස්වලින් ගස්ලබු ගෙඩි කිහිපයක් කඩා අපට රැගෙන යන්න ලබාදීමට විදුහල්පතිතුමා කටයුතු කළා. එය මිලෙන් මැනිය හැකි දෙයක් නොවුණත්, ගමේ පාසලක තිබෙන සරල ආගන්තුක සත්කාරය සහ “ගමේකම” මට නැවත මතක් කළ පුංචි සිදුවීමක්.

දරුවන්ගේ නැණස පාදන්නට, සීමිත සම්පත් අතර පාසලක් ගොඩනඟන්නට වෙහෙසෙන මෙවැනි විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට සුළුවෙන් හෝ ශක්තියක් වීමට හැකිවීම “හදවතේ සිහිනය” ව්‍යාපෘතියෙන් මා ලැබූ ලොකුම සතුටක්.

මෙම පාසල පිළිබඳ තොරතුරු මට ලබාදී, එහි අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කළ රජී මල්ලිටද මගේ හෘදයාංගම ස්තුතිය.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.