හදවතේ සිහිනය – ජිනෝදය පිරිවෙන, පලුගස්වැව – එප්පාවල

පුංචි සාමණේර හිමිවරුන්ගේ අධ්යාපනයට තාක්ෂණයෙන් අත්වැලක්
දිනය: 2020 සැප්තැම්බර් 18
ස්ථානය: ජිනෝදය පිරිවෙන, පලුගස්වැව – එප්පාවල
දිස්ත්රික්කය: අනුරාධපුර
ව්යාපෘතිය: හදවතේ සිහිනය – පරිගණක ව්යාපෘතිය
“හදවතේ සිහිනය” පරිගණක ව්යාපෘතිය යටතේ තවත් පරිගණකයක් අනුරාධපුර දිස්ත්රික්කයේ එප්පාවල, පලුගස්වැව පිහිටි ජිනෝදය පිරිවෙන වෙත 2020 සැප්තැම්බර් 18 දින පූජා කිරීමට හැකි වුණා.
සීමිත පහසුකම් සහ විවිධ අගහිඟකම් මධ්යයේ අධ්යාපන කටයුතු ඉදිරියට ගෙන යන මේ පිරිවෙනට පැමිණි විට, එය දියුණු කරමින් මෙහි අධ්යාපනය ලබන පුංචි සාමණේර හිමිවරුන්ට වඩා හොඳ අධ්යාපන පරිසරයක් සකසා දීමට නායක ස්වාමීන් වහන්සේ දරන උත්සාහය දැකගන්නට ලැබුණා.
පන්ති කාමරයේ සාමණේර හිමිවරුන් අනෙකුත් දරුවන් සමඟ අධ්යාපනය ලබන අයුරු දැකීමත්, පරිගණකය පිරිවෙනට ලබාදීමෙන් පසු ඒ වටා එක්ව සිටි පුංචි හිමිවරුන් සහ දරුවන් දැකීමත් මේ ගමනේ විශේෂ මතකයක්. පරිගණකයක් වැනි අධ්යාපනික සම්පතක් ඔවුන්ට නව දැනුම සහ තාක්ෂණය හඳුනාගැනීමට තවත් අවස්ථාවක් විවෘත කරනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි.
“හදවතේ සිහිනය” ව්යාපෘතියෙන් පාසල් දරුවන්ට පමණක් නොව, මෙවැනි පිරිවෙන් අධ්යාපනය ලබන පුංචි සාමණේර හිමිවරුන් වෙනුවෙන්ද යම් පුංචි හෝ උපකාරයක් කිරීමට ලැබීම මට මහත් වූ භාග්යයක් ලෙස දැනුණා.
මේ පුංචි සාමණේර හිමිවරුන්ගේ අධ්යාපන ගමනට මේ පරිගණකය ශක්තියක් වේවා. දැනුමෙන් හා ගුණයෙන් ඔවුන්ගේ අනාගතය ආලෝකවත් වේවා.
මෙම පිරිවෙන පිළිබඳ තොරතුරු අප වෙත ලබාදී මේ සත්කාර්යයට මඟ පෙන්වූ අචී හර්ෂණී නැගණියට බොහෝ පිං.


















සංවාදයට එක්වන්න.